(ප්‍රදීප් කුමාර)
රට පුරා පවතින තත්වය හමුවේ රුධිරය ප්‍රදානය කිරීමේ වැඩසටහනක් වවුනියාව සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් විසින් ආරම්භ කර තිබේ.
රුධිර බැංකු සඳහා අවැසි රුධිර ප්‍රදානයන් නොලැබීයෑම සම්බන්ධයෙන් උනන්දු වෙමින් ඔවුන් මෙම පියවර ගත් බව සිවිල් ආරක්ෂක බලකායේ වවුනියාව භාර නිලධාරීහු පවසති.
ඒ අනුව වවුනියාව සිවිල් ආරක්ෂක බලකායේ රුධිරය ප්‍රදානය කළ හැකි සෑම නිලධාරියෙකුටම වවුනියාව මහ රෝහලට ගොස් රුධිරය ප්‍රදානය කරන ලෙස එම බලකා නිලධාරී විසින් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව වවුනියාව මහ රෝහලේ පැවති ලේ දන්දීමේ කටයුත්තට වවුනියාව සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරීන් 90 දෙනකු පමණ දායක වී තිබේ.




