කොරෝනා වයිරසය පැතිරීම වැළැක්වීමට ගෝලීයව ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් අද මේ වන විට ලොව පුරා බිලියනයක පමණ ජනතාව නිවෙස්වල සිරවී සිටිති.
ඒ අනුව රටවල් 35 ක ජනතාව මෙසේ නිවෙස්වල සිටින අතර මිලියන 600 ක පමණ පිරිසක් රජයේ නියෝග මත එසේ රැඳී සිටිති.
අමෙරිකාව වයිරසයට එරෙහි මෙම යුද්ධය දිනන බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අවධාරණය කර තිබේ.
කෙසේ වෙතත්, නිව්යෝක්, කැලිෆෝනියා සහ ඉල්නොයිස් යන නගර හා ප්‍රාන්තවල ජනතාවට නිවෙස්වලටම වී හිඳින ලෙසට නියෝග පැනවුණි.
යුරෝපය ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක් සිය දේශසීමා වසා දැමීමට ද පියවර ගෙන ඇත.
(ඒ.එෆ්.පි. ඇසුරෙනි)
-226-

