ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා අමෙරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථික සහන පැකේජයක් ක්‍රියාත්මක කිරීමට ඇමරිකා එක්සත් ජනපද ඇමරිකා එක්සත් ජනපද කොංග්‍රසය තීරණය කර ඇත.
මේ සඳහා ඇරිකා එක්සත් ජනපදයේ රිපබ්ලිකන් පක්ෂයේ සහ ඩිමොක්‍රටික් පක්ෂයේ අනුමැතිය හිමිව තිබෙන අතර ඒ සඳහා ගිවිසුමකට එළඹීම සඳහා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනු ඇත.
මෙම විශේෂ ආර්ථික සහන පැකේජය ඔස්සේ සෘජුවම ප්‍රතිලාභ සැලසෙන අතර කුඩා යාපාර සහ ඒවායේ සේවකයන්ට ද සහන සැලසේ.
ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම, සෞඛ්‍ය සේවයේ සිටින වෘත්තිකයන්, නිලධාරීන් , සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට සහන දීම සහ කොරෝනා රෝගීන් සහාය වීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.
රොයිටර්ස්
055

