වයිරසය පාලනයට පකිස්තාන - ශ්‍රී ලංකා විදෙස් ඇමැතිවරු දුරකථන සංවාදයක


(තිළිණි ද සිල්වා )

පකිස්තාන විදේශ අමාත්‍ය ෂා මොහොමඩ් කුරේෂි මහතා කොවිඩ් නයිටීන් හෙවත් නව කෙරෝනා වයිරසට ව්‍යාප්තිය සම්බන්ධයෙන් , මෙරට විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතො සමග දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කර ගෙන ඇත.

මෙම වයිරස වසංගතයේ ව්‍යාප්තිය වැළැක්වීම සම්බන්ධයෙන් දැනට දෙරට රජය අතර ගෙන ඇත පියවර හා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ අතර අදහස් හුවමාරු වූ බවද විදේශ සබදතා අමාත්‍යාංශය කියා සිටී.

පකිස්තාන විදේශ අමාත්‍යවරයාට සහ මෙරට විදේශ අමාත්‍යවරයා අතර මෙම දුරකථනය සංවාදය සිදුව ඇත්තේ ඊයේ (22) දින බවද එම අමාත්‍යාංශය කියා සිටී.

විශේෂයෙන්ම වසංගතය වේගයෙන් ව්‍යාප්ත වීම නිසා ඇතිවන තර්ජනයට එරෙහිව කටයුතු කිරීම සම්බන්ධයෙන් සහයෝගිතාවය ඇති කර ගැනීමත් , කලාපය තුළ ඇතිවන අර්බුදය සමාලෝචනය කිරීම ගැනද මෙම දුරකථන සංවාදයේ දෙරටේ විදේශ අමාත්‍යවරුන් දෙපළ සාකච්ඡා කර ඇත.

එසේම කොවිඩ් නයිටීන් වසංගතය පාලනයට. සාර්ක්  සාමාජික රාජ්‍ය වල  සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවක් පකිස්තානයේ පැවැත්වීම සම්බන්ධයෙන් ද පකිස්තාන විදේශ අමාත්‍යවරයා මෙහිදී කරුණු පෙන්වා දී ඇත.