(ටී.කේ.ජී.කපිල)
මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 98ක පිරිසක් රැගත් තවත් ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අද(22) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
මෙම පිරිස අලුයම 3.26 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එම ගුවන් යානයෙන් පිරිමි වන්දනාකරුවෝ 28 දෙනෙක් ද , ගැහැනු වන්දනාකරුවෝ 69 දෙනෙක් සහ එක් කුඩා දරුවෙක් ද වශයෙන් 98ක් ඇතුළත් වූහ.
මෙම පිරිස නීරෝධායන කටයුතු සදහා ශ්‍රී ලංකා යුද හමුදාව බස් රථ යොදා ගෙන නියමිත මධ්‍යස්ථාන වෙත රැගෙනගියහ.

