වටවලින් කොරෝනා රෝගීහු දොළහක්


(රංජිත් රාජපක්ෂ)

අඹගමුව සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් වටවල ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 12 දෙනෙකු (26) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව වටවල මහජන සෞඛ්‍ය පරීක්ෂඛ කාර්යාලය පවසයි.

වටවල පොලිස් වසමට අයත් සමන්පුර ගම්මානයෙන් අසාදිතයන් 03 දෙනකු , මාණික්‍යවත්ත වත්ත නිවාස යෝජනා ක්‍රමයෙන් අසාදිතයන් 08 දෙනකු සහ වටවල දියගල වත්තෙන් 01 අසාදිතයකු හඳුනාගෙන ඇත.

අසාදිතයන් 12 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කළ බවත්, අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කටයුතු කර ඇත.