අද දිනයේදී ඉතාලියේ සිදුවූ මරණ 627 ත් සමගින් කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා සිදුවී ඇති මරණ සංඛ්‍යාව 11,266 කි.
අද දිනයේදී පමණක් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 1235 කි. කොරෝනා වයිරසය ආරම්භ වූ චීනයේ මියගිය සංඛ්‍යාව 3248 ක් වූවද ඉතාලියේ මියගිය සංඛ්‍යාව 4032 ක් වී තිබේ.
ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් සංඛ්‍යාව 72 ක් ලෙස වාර්තා වේ.
අද (මාර්තු 20) ශ්‍රී ලංකා වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 269,722 ක් වූ අතර 90,603ක් සුවය ලබා තිබිණි.

