ලංකාවේ කොරෝනා මර්දනයට ධම්මිකගෙන් කෝටි 7 ක්


කොවිඩ් 19 හෙවත් නව කෙරෝනා වයිරසය ව්‍යාප්තිය වැළැක්වීමේ රජයේ ක්‍රියාවලියට සහාය දක්වමින් ඊට අදාළ අත්‍යවශ්‍ය සෞඛ්‍ය සේවා පහසුකම් වෙනුවෙන් ලංකාවේ සුප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා සිය පෞද්ගලික ධනයෙන් රුපියල් කෝටි 7 පිරිනැමීමට තීරණය කර ඇත.
 
ඒ අනුව සිය පෞද්ගලික ධන පරිත්‍යාග යටතේ. කොළඹ අයි.ඩී.එච් රෝහලේ වැඩිහිටි සහ කුඩා ළමුන් සඳහා අවශ්‍ය  රෝහල් ඇඳන් 485ක් ,  එහි දැඩි සත්කාර ඒකකය සඳහා ඇඳන් 169 ක් සහ දැඩි සත්කාර ඒකකයේ ස්වසන ක්‍රියාකාරකම සඳහා අවශ්‍ය වෙන්ටිලයිසර් උපකරණ 6 ක් ද ලබා දෙන බව සුප්‍රකට ව්‍යපාරික ධම්මික පෙරේරා මහතා ඩේලි එෆ්.ටී වෙත පැවසීය.
 
මෙලෙස කොවිඩ් 19 රෝග ව්‍යාප්තියට එරෙහිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරම්භ කළ සටන සිය පෞද්ගලික ධන පරිත්‍යාග කල ප්‍රථම ව්‍යාපාරිකයා ඔහු වේ.
 
මේ අතර ජෝන් කීල්ස් සමූහය , හේමාස් හෝටල් සමූහය සහ සිට්ට්‍රස් හෝටල් සමූහය සිය ව්‍යාපාර ජාල වලට අයත් එක් හෝටලයක් බැගින් හෝටල් තුනක් කොවිඩ් 19 නිරෝධනය මධ්‍යස්ථාන ලෙස ලෙස ලබා ගන්නා ලෙසට ඉල්ලීම කර ඇත.
  
ඩේලි එෆ්.ටී ඇසුරෙනි 
125