රෝහල්වල වැඩිපුර රුධිර සංචිත පවත්වාගෙන යාමට තීරණයක්


(ප්‍රින්ස් රත්නායක )

කෝවිඩ් 19 වෛරසය පැතිර යායාමට තීරණයක්මේ අවදානම සම්බන්ධයෙන් 21 වැනිදා ජනාධිපතිවරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග පැවති සාකච්ඡාවේදී ඉදිරියේදී ඇතිවිය හැකි තත්වයන්ට මුහුණදීම පිණීස රටපුරා රෝහළ් වල රුධිර සංචිත පවත්වාගැනීමට තීරණය කළ බව බළන්ගොඩ මූළීක රෝහලේ වෛද්‍ය කේ.ජේ.කේ කොතලාවල මහතා පැවසීය.
 
ඒ අනුව අවශ්‍ය අවස්ථාවන්හි  නිකුත් කිරීම ට රටපුරා රෝහල් වල එම රුධිර සංචිත පවත්වා ගැනීමට තීරණය වූ  බව වෛද්‍ය කොතලාවල මහතා  සඳහන් කළේය.
 
තවදුරටත් රටෙහි අවශ්‍යතාවයන්ට අනුව නිකුත් කිරීමට රුධිර සංචිත වැඩිකිරීමට බළන්ගොඩ මූළික රෝහළට රුධිරය අවශ්‍ය බවත් බළන්ගොඩ ප්‍රදේශයේ  රුධිර දායකයන්ට ඒ සඳහා අවස්ථාව ඇති බවද සඳහන් කළේය.