රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුවට බස් රථ 100 ක්


(මහින්ද නිශ්ශංක)

අතවශ්‍ය සේවා යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින්  දිවයින පුරා රෝහල් කාර්ය මණ්ඩලයේ ගමන් පහසුව වෙනුවෙන් බස් රථ 100   පමණ යොදවා  තිබේ.

ගමනා ගමනා මණ්ඩලයේ  නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන)  ඒ. එච්. පණ්ඩුක මහතා ඒ බව කීවේය.

මෙම සියලු ප්‍රවාහන පහසුකම් නොමිලේ සැපයෙන බවද සාමාන්‍යාධිකාරීවරයා කීවේය.

මගී ප්‍රවාහන කළමණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාත්මක වේ. ඊයේ(20) සවස සිට මෙම ප්‍රවාහන පහසුකම් ක්‍රියාත්මක වේ.