(රංජිත් කරුණාවීර)
විදෙස් රටවල සිට පැමිණෙන පුද්ගලයන් නිරෝධායනයට යොමුකිරීම සඳහා රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇති බව මිනිපේ ප්‍රාදේශීය ලේකම් වත්සලා මාරඹගේ මහත්මිය සඳහන් කළාය.
පුද්ගලයන් 500කට අධික පිරිසක් වෙනුවෙන් එම මධ්‍ය්‍යස්ථානයේ පහසුකම් සැපයීමට හැකි පරිදි ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.
පැතිර යන කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා රජය හා ආරක්ෂක අංශ ගෙන යන වැඩපිළිවෙළට සමගාමීව මෙම පියවර ගෙන ඇතැයිද ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළාය.

