(එච් එම් ධර්මපාල)
රත්මලාන, දෘශ්‍යාබාධිත පාසලේ ගුරුවරියකට කොරෝනා වයිසරය ආසාදනයවීම නිසා එම පාසලේ ගුරුවරුන් 6 දෙනකු සමග සිසු සිසුවියන් 45 දෙනකු නිරෝධායනයට ලක් කළ බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක් පැවසීය.
කොරෝනා ආසාදිත ගුරුවරිය මොරටුව ප්‍රදේශයේ පදිංචි කාරියක් වන අතර , ඇයගේ මව මේ වනවිටත් වයිරසය ආසාධිතවී ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමුකර ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
මවගෙන් මෙම ගුරුවරියට වයිරසය ආසාදනයවී ඇතැයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව එම විදුහලේ ගුරුවරුන් 6 දෙනකුද , සිසු සිසුවියන් 24 දෙනකු නේවාසිකාගාරයේ හා තවත් 21 දෙනකු ඔවුන්ගේ නිවාස්වලම නිරෝධායනයටත් ලක් කර ඇත.

