බෝවන රෝග වැළැක්වීමේ පනතේ නියෝග සංශෝධනය කරයි


(විනීතා එම් ගමගේ)

නිරෝධායන හා රෝග ස්පර්ශකය වෙන්කර තැබීමේ හා රෝග වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට රජය පියවර ගෙන ඇත.

සෞඛ්‍ය අමාත්‍යවරියගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් මගින් කර ඇති එකී  සංශෝධන අනුව  කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ දේහය සම්බන්ධව කටයතු කළ යුතු ආකාරය පෙන්වා දී තිබේ.  ඒ අනුව එවැනි මෘත දේහයක් සෙල්සියස් අංශක 800 ත් සෙල්සියස් අංශක 1200 ත් අතර උෂ්ණත්වයකදී  විනාඩි 45 සිට පැයක කාලයක් ආදාහනය කළ යුතුය.

කොවිඩ් 19 රෝගය වැළඳී මිය ගිය අයෙකුගේ අවසන්  කටයුතු සෞඛ්‍ය බලධාරින්ගේ භාරයේ සිදුවිය යුතු අතර වෙනත් කිසිදු තැනැැත්‍තෙකුට භාරදිය නොහැක.

එමෙන්ම ඥාතින් ඉල්ලා සිටින්නේ නම් දේහය ආදාහනය කිරීමෙන් පසුව භෂ්මාවශේෂ බාරදිය හැකිය.