(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
විදෙස් ගතවී පැමිණ තම නිවෙස් තුළම දින 14 ක ස්වයං නිරෝධායනය වු පුත්තලම දිස්ත්‍රික්කය තුළ පදිංචි පිරිස් වෙත විශේෂ සහතිකයක් ලබාදීම ආරම්භ කළ බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පවසා සිටියේ ඉතාලිය ඇතුළු රටවල් රැසකින් පැමිණි 1346 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබු බවයි.
එම පිරිසෙන් 500 වැඩි පිරිසක් මේ වන විට දින 14 ක ස්වයං නිරෝධායන කටයුතුවල යෙදී අවසන් කර ඇති බවත් මෙයින් බහුතරයක් මාරවිල, මහවැව, වෙන්නප්පුව, දංකොටුව ආදි ප්‍රදේශ ල පදිංචිකරුවන් බවත් අධ්‍යක්ෂවරිය පැවසුවාය.
අදාල පිරිස් නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් ,මහජන සෞඛ්‍ය අංශ , සේම අනිකුත් සෞඛ්‍ය අංශ මේ සඳහා මහත් කැපවීමෙන් රාජකාරි වල නිරතවී සිටින බව ඇය කීවාය.
එසේම නිරෝධායනයට ලක්වු පිරිසට ලබා දෙනු ලබන සහතිකය එම පිරිස නැවත විදේශ ගතවීමකදි අතවශ්‍ය සහතිකයක් බවද ඒ මහත්මිය සඳහන් කළාය.



