පිලිපීනයේ කොරෝනා ආසාදිතයන් ගණන 200 ඉක්මවයි


පිලිපීනයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 32 කු පිළිබඳව තොරතුරු වාර්තා වන බවත්  ඒ අනුව එරටින් වාර්තා වන නව කොරෝනා ආසාදිතයන්ගේ ගණන 262ක් බවත් පිලිපීන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් 'පිලිපීන විශ්වවිද්‍යාලයේ' ප්‍රමුඛ පෙළේ මහාචාර්යවරයකු ද මියගොස් ඇතැයි එරට සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කළේය.
 
ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් පිලිපීනයෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 19ක් දක්වා වැඩි වී ඇත.
 
ඒ.එෆ්.පී/රොයිටර්ස් 
 
055