පැරගුවේ පළමු කොරෝනා මරණය වාර්තා කරයි


දකුණු ඇමරිකානු රටක් වන පැරගුවේ සමූහාණ්ඩුවේ පළමු කොරෝනා වෛර‍ස මරණය වාර්තා වී තිබේ.  
 
මෙම පුද්ගලයා සිකුරාදා(20)  මියගිය බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

පැරගුවේ හි මේ වන විට කොරෝනා වෛරස රෝගීන් 18 ක් තහවුරු වී තිබේ.

ජනාධිපති මාරියෝ අබ්ඩෝ මහතා විසින් කලින් ප්‍රකාශයට පත්කරන  ලද නිරෝධායන ක්‍රියාවලිය අප්‍රේල් 12 දක්වා දීර්ඝ කළ අතර  පොදු ස්ථාන වලින් ඉවත්ව හැකිතරම් හුදකලාව සිටින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
 
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)