පාර්ලිමේන්තුව යළි කැදවන්නැයි එක්සත් රාජධානි විපක්ෂය ඉල්ලයි


පාර්ලිමේන්තුව නැවත කැඳවන්නැයි එක්සත් රාජධානියේ විපක්ෂයේ පක්ෂ ඉල්ලීමක් කර ඇත.

එරට විපක්ෂයේ සියලු පක්ෂ එකට එක්ව එම ඉල්ලීම කර ඇති අතර කන්සවටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ පිරිසක් ද ඊට එක්ව සිටිති.

බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයේ නව නායක කියර් ස්ටාමර් මේ සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩලයේ නායකයාට ලිපියක් ද යොමු කර ඇත. මේ සම්බන්ධයෙන් කතානායකවරයා සමඟ කඩිනමින් සාකච්ඡා කළ යුතු බව ද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.

ජාතික ව්‍යසනයක් ඇති වී තිබෙන මේ මොහොතේ ආණ්ඩුව කරන වියදම් සොයාබැලීම ආණ්ඩුවේ ක්‍රියාමාර්ග විමසා බැලීම යනාදියට පාර්ලිමේන්තුව  කැඳවීම හැර වෙන විකල්පයක් නැතැයි ද  ඔහු තවදුරටත් පෙන්වා දී ඇත.


ද ගාඩියන් 

055