පාන් -බනිස් රැගෙන ගෙදරටම එති


( දිල්රුක්ෂි ග්‍රේරු ) 

බේකිරි අශ්‍රිත නිෂ්පාදන අලෙවි කරන ජංගම වෙළෙඳුන් සඳහා නිවසටම ගොස් පාරිභෝගියින්ට  බෙිකිරි නිෂ්පාදන  අලෙවි කිරීමට දැඩි කොන්දේසි මත අවසර ලබා දී තිබේ.

අලෙවි කිරීම සඳහා පැමිණෙ ජංගම රථයේ රියදුරු සහයක අනිවාර්යෙන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු අතර මුහුණු ආවරණ, අත් ආවරණ අනිවාර්යෙන්ම පැළදිය යුතුය.

මිනිසුන් එක්රැස් වන අයුරින්  එම කටයුතු සිදු නොකළ යුතු අතර එසේ වන්නේ නම් වහාම අලෙවි කටයුතු නැවැත්විය යුතු යැද ඔවුනට උපදෙස් ලබා දී තිබේ.