පස්වරු 6.00 සිට දිවයිනටම ඇදිරිනීතිය


(ඉන්දිකා  රාමනායක)

මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි අද (20) පස්වරු 6 සිට සදුදා උදෑසන 6 දක්වා ඇඳිරි නීතිය  පනවන බව  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පුත්තලම , හලාවත,, කොච්චිකඩේ, ජාඇල , යන ප්‍රදේශවලට ඊයේ පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු9 අවසන් වූ අතර එය නැවතත් සවස 2 සිට   පනවන බවද  ප්‍රකාශකවරයා සඳහන් කළේය .

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ,සහ ජනතාව අතර ජනතාව අතර ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා පියවර ගෙන ඇත .