නෙදර්ලන්තයේ කොරෝනා වයිරසය ආසාදිත මරණ සංඛ්‍යාව එක් දිනක් තුළ 43 කින් ඉහල ගොස් ඇති අතර ඒ අනුව මේ වනවිට එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 179කි.
නෙදර්ලන්තයේ තහවුරු කරගත් කොරෝනා වයිරසය ආසාදිතයින් සංඛ්‍යාව 4 204 ක් වන අතර නෙදර්ලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ පසුගිය දිනය තුළ නව ආසාදිතයින් 573ක් වාර්තා වූ බවයි.
මෙය 16% ක වැඩිවීමකි.
මියගිය අය වයස අවුරුදු 57ත් 97ත් අතර වයසේ පසුවූවෝ වෙති.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

