නිවසටම ගොස් ගෑස් ලබා දෙන්න යයි


( මහින්ද නිශ්ශංක)

ඉල්ලුම අනුව නිවෙස්වලටම ගොස් ගෑස් බෙදාහැරීමේ වැඩපිළි‍වෙක් තම සමාගම මගින් ආරම්භ කිරීමට බලාපොරොත්තුවන බව ලිට්රෝ ගෑස්  වෙළෙඳ අලෙවි සහ ආයතනික සම්බන්ධතා අධ්‍යක්ෂ ජනක පතිරත්න මහතා කියයි.

දැනට ක්‍රියාත්මක ඇදිරිනීතිය මධ්‍යයේ  ගෑස් බෙදා හැරීමට පොලිස් අවසරය හෙට(23) ලබා ගැනීමට  සාකච්ඡාවක් පැවැත්වෙන බවද ඒ මහා කීවේය.

කිසිදු ගෑස් හිගයක් නොමැති බවද දින 15 කට ප්‍රමාණවත් ගෑස් ආයතනය සතුව ඇති බවද ඔහු කීවේය.