නිකවැරටිය රෝහලේත් ආසාදිතයන්ට විශේෂ ප්‍රතිකාර ඒකකයක්


(ප්‍රියානි මංගලිකා)
 
නිකවැරටිය රෝහලට දිනපතා සැකකටයුතු රෝගීන් පැමිණෙන බැවින් ඒ සඳහාම ප්‍රතිකාර ඒකකයක් සහ වාට්ටුවක් සකස් කිරීමට අද (21) වෛද්‍ය කාර්ය මණ්ඩලය මහත් වෙහෙසක් දරමින් සිටියහ.

 
මේ වනතුරුත් ආරක්ෂිත ඇඳුම්  නොලැබීමෙන් ඔවුන් මහත් අපහසුවට පත්ව ඇති අයුරුද දක්නට ලැබුණි.
    
දානපතියෙකු විසින් ලබා දුන් රෙදි තොගයකින් කාර්ය මණ්ඩල  එක්ව මහත් වෙහෙසක් දරමින් ඇඳුම් මසමින් සිටින අයුරුද දක්නට ලැබුනි.