(සමන් පාලිත නානායක්කාර)
දියතලාව මූලික රෝහලේ බාහිර ප්‍රතිකාර ඒකකයෙන් මාර්තු 18 දින පෙරවරු 9.00 හා 11.30 අතර ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි 19 දෙනෙකු හඳුනාගත් බවත් ඔවුහු සිය නිවෙස් වලම නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කළ බවත් හපුතලේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස් සුදර්ශන් මහතා පැවසීය.
බණ්ඩාරවෙලින් හමුවූ කොරෝනා ආසාදිත රෝගියා එම කාලය තුළදී දියතලාව මූලික රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් ඒ අවස්ථාවේ දී සම්බන්ධ වූවන්ගේ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ මෙම පියවර ගෙන ඇත.
බණ්ඩාරවෙල දියතලාව හපුතලේ ප්‍රදේශවල 19 දෙනකු මෙසේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටිති.
මේ අවස්ථාවට සම්බන්ධ වූ තවත් අය සිටීනම් සොයා ගැනීම සඳහා හපුතලේ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය මිලින්ද පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරු විමර්ශන සිදු කරමින් සිටිති.

