(ටී.කේ.ජී.කපිල)
දඹදිව වන්දනාවේ ගොස් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව , එරට රැදී සිටි ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 97 දෙනෙකු අද(20) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් මගින් පැමිණි බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .
මෙම පිරිස අද (20 )ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 122 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සියලු දෙනා නීරෝධායන කටයුතු සදහා යොමු කර තිබේ .
මේ අතර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ සිටි විදේශීය සංචාරකයන් විශාල වශයෙන් ආපසු ඔවුන්ගේ රටවල් කරා පිටත්ව යමින් සිටින බව ද ගුවන් ගුවන් කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
අද (20 ) දින සවස 6.00 සිට ශ්‍රී ලංකාව පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ කටුනායක ගුවන් තොටුපළ වෙත ගුවන් ගතවීම සදහා පැමිණෙන ගුවන් මගීන්ට තම ගුවන් ප්‍රවේශ පත්‍රය සහ ගුවන් ගමන් බලපත්‍රය , ආරක්ෂක නිලධාරීන්ට ඇදිරි නීති බලපත්‍රයක් සේ ඉදිරිපත් කිරීමට යොදා ගත හැකි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිවේදනය කර සිටී .

