දඹදිව ගිය වන්දනාකරුවෝ 49 ක් එති


(ටී.කේ.ජී.කපිල )
තවත් ශ්‍රී ලාංකික දඹදිව වන්දනාකරුවන් පිරිසක් ඉන්දියාවේ සිට අද (22) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් අද උදෑසන 8.30 ට ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 192 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙම ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් 49 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබූණ අතර , ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ .