තැපැල් කටයුතු තාවකාලිකව අත්හිටුවයි


සියලු තැපැල් මෙහෙයුම් කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

විදේශ රටවලින් පාර්සල් හා තැපැල් භණ්ඩ මධ්‍යම තැපැල් හුවමාරුවේ රඳවා තබා ගැනෙන අතර රටේ තත්ත්වය යහපත් වූ පසු  බෙදාහැරීමට කටයුතු කරන බවද තැපැල් දෙපාර්තමේන්තුව කියයි.

වැඩිහිටියන් සහ රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන අය  කාර්යාල වෙත ගෙන්වීම ඔවුන්ගේ ජීවිත අවදානමට ලක් වීමට ඉඩ ඇති බැවින් වැඩිහිටි රෝගාධාර ගෙවීමද අත්හිටුවා ඇත.

කොරෝනා මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය ඇතිව මෙම තීරණය ගත් බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.