ශ්‍රී ලංකාවෙන් අද වනවිට වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 198 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
රෝගීන් 8 ක් අද වාර්තා වීමත් සමඟ ආසාදිතයන් ගණන ඉහළ ගොස් ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
අද දිනයේ මේ වනවිට වාර්තා වී ඇත්තේ එක් රෝගීයෙක් පමණක් බවත් ඒ මහතා කීය.
ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනාගෙන් 6 දෙනෙකුම ජා ඇල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගියා ඇසුරු කළ පිරිසක් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
කොරෝනා වයිරසය අසාදනය වී මේ වනවිට 7 දෙනෙකු මියගොස් ඇති අතර 54 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.


