ජර්මනියෙන් යූරෝ බිලියන 150ක පරිපූරක ඇස්තමේන්තුවක්


කොරෝනා ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට සිදුව තිබෙන බලපෑම පාලනය කරගැනීම සඳහා ඉදිරි දින කිහිපය තුළ යූරෝ  බිලියන 150 ක පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන බව ජර්මනියේ මුදල් අමාත්‍ය ඔලාෆ් ස්කොල්ස් මහතා පැවැසීය.
 
"යූරෝ බිලියන එකසිය පනහක් කියන්නේ අති විශාල මුදලක්. ඒ වුණත් ඒ මුදල අපට දැන් ඇතිව තිබෙන අවශ්‍යතා සපුරනවා" යැයි හෙතෙම කීය. 
 
බර්ලින් අගනුවරදී මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සෙනසුරාදා ඒ බව සඳහන් කළේය.
 
"ඊට අමතරව අපේ සමාගම් ස්ථාවරව පවත්වාගෙන යන්න ඕනෑ. ඒ සඳහා පියවර ගන්න අපි අපේ රටේ අනෙක් ආයතනවලටත් අඩිතාලම සකසනවා. මුලදීම පැහැදිලි සහ ශක්තිමත් සංඥාවක් දීම ඉතා වැදගත් " එම මාධ්‍ය හමුවේදී ජර්මානු මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

රොයිටර් 
 
055