ජනමාධ්‍ය-අතවශ්‍යසේවා සඳහා විශේෂ අවසරයක්


( ඉන්දිකා රාමනායක)

මාධ්‍ය සේවා  සහ  අතවශ්‍ය සේවා සඳහා ඇදිනීතීය  ක්‍රියාත්ම වන කාල සීමාවේදී  එම බල ප්‍රදේශ හරහා  ගමන් කිරීමට  විශේෂ අවසරයක් ලබා දී ඇතැයිද වැඩබලන පොලිස්පති සීඩි වික්‍රමරත්න මහතා පැවසීය.

එම පිරිස් සඳහා අදාළ ආයතන මගින් නිකුත් කරන නිල හැඳුනුම්පත ඇදිරිනීති බලපත්‍රය  ලෙස භාවිතා කළ හැකිය.

එමෙන්ම කටුනායක  ගුවන් තොටුපොළ  වෙත ගමන් කරන සියලු ගුවන් මගීන් සඳහාද ටිකට්පත ඇදිරිනීති බලපත්‍රය ලෙස භාවිත කළ හැක.