ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් අද (19) වනවිට ඉතාලියේ මියගිය පිරිස චීනයේ මියගිය පිරිසට වඩා වැඩි වී ඇති බව ප්‍රංශ පුවත් සේවය වාර්තා කළේය.
ඊයේ දිනයේදී පමණක් ඉතාලියෙන් මරණ 427ක් විය. ඒ අනුව කොරෝනා වයිරසය හේතුවෙන් මේ දක්වා ඉතාලියෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,405ක් දක්වා ඉහළ ගියේය.
එහෙත් ඊයේ දිනය වනවිට චීනයෙන් වාර්තා වූ සමස්ත මරණ සංඛ්‍යාව 3,245ක් නිල සංඛ්‍යා දත්තවල දැක්වේ.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීමට පටන් ගත් නව කොරෝනා වයිරසය මේ වනවිට ලොව පුරා රටවල් 160කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාප්ත වී ගොස් ඇත. චීනයට පසු ඉන් වැඩිම බලපෑමක් සිදුව ඇත්තේ ඉතාලියටයි. මේ වනවිට නව කොරෝනා වයිරසය ව්‍යාප්ත වීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත්තේ යුරෝපයයි.
කොරෝනා වයිරසය හේතුවෙන් මිය යන කිසිවකුගේ මළසිරුරු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබානොදෙන අතර ඒ පිළිබඳ අවසන් කටයුතු හමුදාව විසින් සිදුකරනු ලබයි. සෑම මිනිත්තු 30කටම වරක් ඉතාලි හමුදාවට අයත් ට්‍රක් රථවලින් මළසිරුරු ආදාහනාගාර වෙත ගෙන යන බව ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර තිබිණි.
055

