(යොහාන් භාසුර)
කොරෝනා ආසාදිත රෝගීන් 783 ක් අද (25) අලුතින් හදුනාගැනීමත් සමඟ මෙරට ‘කොරෝනා’ ආසාදිත සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 101,369 ක් දක්වා ඉහළ ගියේය.
රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 5,550 ක් වන අතර කොරෝනා රෝගීන් තවත් 156 ක් සුවය ලබා අද රෝහල්වලින් පිටව ගියහ. ඒ අනුව සුවය ලැබූ මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද දිනයේ 94,311 ක් බවට පත්විය.

