(රවී ලියනගේ)
ගාල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සතු සංචාරක හෝටල් දෙකක් කොරෝනා වයිරසය ආසාදනය වූවන් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට ලබාදී තිබේ.
මෙසේ සංචාරක හෝටල් දෙකක් කොරෝනා නිරෝධායනය කටයුතු සඳහා ලබා දී ඇත්තේ ගාල්ල හිරිඹුර චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතා විසිනි.
ඔහු සතු ගාල්ල උණවටුන ප්‍රදේශයේ කාමර 30කින් සමන්විත හෝටලය සහ තල්ගම්පොළ ප්‍රදේශයේ හෝටලය නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමට අද පොලිසියට ලබාදුන්නේය.



