ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් සිව්දෙනා ස්වයං-නිරෝධායනයට


(ජේ.කේ.එල් චාමින්ද)
 
ගාල්ල බන්ධනාගාරයේ රැඳයන් සිව්දෙනෙකුට උණ හා උගුරේ ආසාදිත තත්වයක් ඇතිවීම නිසා වෛද්‍ය උපදෙස් මත එම සිව්දෙනා ස්වයං නිරෝධනයට ලක්කර ඇති බැව් ගාල්ල බන්ධනාගාරයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
 

මොවුන් ප්‍රතිකාර සඳහා ඊයේ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එනු ලැබීය. එහිදි වෛද්‍යවරුන් විසින් මොවුන් පරීක්ෂා කර බෙහෙත් ලබාදී ස්වයං නිරෝධානයට ලක්ව සිටින ලෙස උපදෙස් ලබාදී ඇත.  
 
 ඒ අනුව දෙදෙනෙකු බුස්ස නිරෝධායන මධ්‍යස්ථානයේ හා අනික් දෙදෙනා බලපිටිය සිරමැදිරියක ස්වයං නිරෝධානයට ලක්වෙමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
 
මින් රැදවියන් දෙදෙනෙකු බන්ධනාගාර ගතවී ඇත්තේ  ඉකුත් 13 වැනිදා බවද පැවසේ.