(ඩයනා උදයංගනී)
කොවිඩ් -19 වෛරසය ආසාදිතයින් තවත් 520 දෙනකු අද (22) මේ වන විට හඳුනාගෙන ඇත.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 98,570ක් දක්වා ඉහළගොස් තිබේ.
දෛනික කොවිඩ් ආසාදිත සංඛ්‍යාව ඊයේ (21) දිනයේදීද 500 ඉක්මවා තිබූ අතර මෙලෙස ආසාදිත සංඛ්‍යාව 500 ඉක්මවූයේ මාස දෙකකට පමණ පසුවය.

