කොරෝනා වැළඳුනැයි සැක ජපන් තරුණිය බූස්සට


(ඩිජි සුගතපාල)

සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි 18හැවිරිදි ජපන් තරුණියක් කොරෝනා වයිරසය වැළදී ඇතැයි සැක සහිතව බුස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යද්ථානයේ ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව කියයි.

එම තරුණිය සමඟ ලාංකිකයන් 8 දෙනකුද එහි නිරෝධායනය වන බව නාවික හමුදාව ප්‍රකාශ කළේය.

මීට අමතරව කොරෝනා යැයි සැක තවත් පුද්ගලයින් 6 දෙනකු කරාපිටිය රෝහලේ විශේෂ ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.