( දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා වයිරසය (කොවිඩ්-19) ශරීරගත වී ඇත්දැයි සැක සහිත පුද්ගලයින් 212 දෙනකු මේ වන විට ශ්‍රී ලංකාව පුරා රෝහල් 17 ක් වෛද්‍ය අධීක්ණය යටතේ සිටින බවට සෞඛ්‍ය සහ දේශිය වෛද්‍ය සේවා අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය කියයි.
ශ්‍රී ලංකාවේ මේ වන විට කොරෝනා වයිරසය අසාදනය වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19 ක් වන අතර, ශ්‍රී ලාංකිකයින් 18 දෙනකු සහ චීන ජාතික කාන්තාව ඊට අයත් වේ.
මේ අතුරින් චීන ජාතික කාන්තාව සුවය ලබා පිටත්ව ගියාය.
වසංගත රෝග විද්‍යා අංශය නිකුත් කළ නවතම වාර්තාවේ මෙම කරුණු දැක්වෙයි.
ජාතික බෝවන රෝග විද්‍යායතනය, කොළඹ ජාතික රෝහල,කරාපිටිය ශික්ෂණ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල, ගම්පහ දිස්ත්‍රික් මහ රෝහල, මීගමුව දිස්ත්‍රික් මූලික රෝහල, රත්නපුර ශික්ෂණ රෝහල සහ පොළොන්නරුව මහ රෝහල යන රෝහල් 8 සඳහා මේ වන විට සැක සහිත රෝගීන් වැඩි වශයෙන් ඇතුළු කර ඇතැයි එම වාර්තාවේ දැක්වෙයි.
ඒ අනුව මේ වන විට ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ වයිරසය පිළිබඳ සැක සහිත පුද්ගලයින් 84 දෙනක් වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති. ඉන් 79 දෙනකු ශ්‍රී ලාංකිකයින් වන අතර 5 දෙනෙක් විදේශිකයෝ වෙති.
කොළඹ ජාතික රෝහලට පුද්ගලයින් 12 දෙනකු සැක සහිතව ඇතුළු වී සිටින අතර ඉන් 11 දෙනකු ශ්‍රී ලාංකිකයන් වන අතර එක් විදේශිකයකු වෙයි. කරාපිටිය ශික්ෂ රෝහලේ පුද්ගලයින් 12 දෙනකු ද, කුරුණෑගල ශික්ෂණ රෝහලට ශ්‍රී ලාංකික පුද්ගලයින් 25 දෙනකු , ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට පුද්ගලයින් 15 දෙනකු ඇතුළත් කර සිටින අතර මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට 15 දෙනකු ඇතුළත් කර ඇත. ඉන් 14 දෙනකු ලාංකිකයින් වන අතර එක් විදේශිකයෙක් සිටී. පොළොන්නරුව මහ රෝහලට සැක සහිත පුද්ගලයින් 10 දෙනකු ඇතුළත් කර තිබේ. රත්නපුර ශික්ෂණ රෝහලේ පුද්ගලයින් 16 දෙනකු වෛද්‍ය උපදෙස් මත රඳවා සිටිති.
ඒ හැරුණු විට ශ්‍රී ලංකාව පුරා සෙසු රෝහල් 9 සිටින පුද්ගලයින් ද සමඟ වයිරසය ශරීරගත වී ඇත්දැක් පරීක්ෂණ සඳහා දිවයින පුරා රෝහල් වලට ඇතුළු වී සිටින මුළු පුද්ගල සංඛ්‍යාව 212 කි.
වසංගත රෝග විද්‍යා අංශයෙන් නිකුත් කරන ලද නවතම වාර්තාව පහත දැක්වෙයි.
( http://hhttp://ttp://WWW.epid.gov.lk)


