කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීමට නිපදවන ලද එන්නත අත්හදා බැලීම සඳහා පළමු වරට මිනිසුන්ට ලබාදීම ඇමෙරිකාවෙන් ආරම්භ කර තිබේ.
වොෂිංටන්, සියැටල් හි කෙයිසර් පර්යේෂණ මධ්‍යස්ථානයේ දී රෝගීන් හතර දෙනෙකුට එන්නත ලබා දුන් බව බව ඇසෝසියේටඩ් ප්‍රෙස් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
විශේෂඥයන් පවසන්නේ මෙම එන්නතෙහි ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇති බවයි.
එන්නත ලබාගත් පළමු පුද්ගලයා සියැටල්හි 43 හැවිරිදි දෙදරු මවකි.
"මෙය මට මිනිසුන්ට යමක් කිරීමට ලබාදුන් පුදුමාකාර අවස්ථාවක්," ජෙනිෆර් හැලර් නම් මෙම කාන්තාව පැවසීය.
මෙය ලොව පුරා විද්‍යා විද්‍යාඥයින් වේගයෙන් ලුහුබැඳ යන පර්යේෂණය බව මාධ්‍ය වාර්තා කර තිබේ.
"ඔව්, මෙය ඉතා වේගවත්. නමුත් එය වෛරසයට එරෙහි තරඟයක් මිස විද්‍යාඥයන් ලෙස එකිනෙකාට එරෙහි තරඟයක් නොවේ. එය සිදු කරනු ලබන්නේ මනුෂ්‍යත්වයේ ප්‍රයෝජනය සඳහා ය.
එන්නත ඉතා ඉහළ ප්‍රමිතියකට සකස් කර ඇති අතර, මිනිසුන් තුළ භාවිතා කිරීම ආරක්ෂිත යැයි සිතමු. මේ සඳහා සහභාගී වන අය ඉතා සමීපව නිරීක්ෂණය කරනු ලැබේ." යැයි බ්‍රිතාන්‍යයේ ලන්ඩන්හි ඉම්පීරියල් කොලේජ් හි බෝවන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ජෝන් ට්‍රෙගොනිං මහතා පැවසුවේය.
මෙම මූලික ආරක්‍ෂිත පරීක්ෂණ සාර්ථක වුවද, මහජනයාට එන්නත ලබා ගැනීමට මාස 18ක් පමණ ගතවනු ඇතැයි සඳහන් වේ.
(බීබිසී ඇසුරිණි - 085)

