කොරෝනා වයිරසය මේ වන විට ලෝකයේ රටවල් 182 ක් ආක්‍රමණය කර තිබේ. ඊට අමතරව ජපානයේ යොකොහාමා නුවර ආසන්නයේ නැංගුරම් ලා ඇති ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවටද එය පැතිරී තිබෙන අතර එම නෞකාවෙන් මේ වනවිට හමුවූ රෝගීන් ගණන 712ක් වන අතර ඉන් 7 දෙනෙකු මියගොස් තිබේ.
මේ වනවිට ශ්‍රී ලංකාවේද කොරෝනා රෝගීන් 65 ක් වාර්තා වේ.
අද (මාර්තු 20) ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30 වනවිට තිබූ තත්ත්වය අනුව ලෝකය පුරා කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 246,107ක් වූ අතර මරණ 10,049ක් වාර්තා වී ඇත. මේ වනවිට 88,483ක් සුවය ලබා තිබිණි.
ඉතාලියේ මේ වනවිට මිය ගොස් සිටින පුද්ගලයන් සංඛ්‍යාව 3,400 ඉක්මවා ඇත.

