ශ්‍රී ලාංකික කොරෝනා ආසාදිත තවත් රෝගීන් හත් දෙනෙකු තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
මෙම රෝගීන් හත් දෙනාම පිරිමි පුද්ගලයින් වන බව ඒ මහතා කීය.
මෙම පිරිස ඉතාලියේ සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කළ පුද්ගලයින් බවත් මෙම රෝගීන් සියලු දෙනා පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා කීය.
ඒ අනුව මේ වනවිට තහවුරු කරගෙන ඇති මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 18 ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

