(මහේෂ් කීර්තිරත්න)
කොරොනා බවට සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා මාතලේ සහ දඹුල්ල මහ රෝහල්වල විශේෂිත වාට්ටු සකස් කර ඇති බවත් මාතලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සේපාලි වික්‍රමතිලක මහත්මිය (21) අද පැවසුවාය.
දිස්ත්‍රික්කය තුළ කොරොනා වසංගත තත්වය පිළිබදව අප කළ විමසිමකදී ඇය මේ බව පැවසුවාය.
වැඩිදුරටත් අදහස් දැක්වු අධ්‍යක්ෂවරිය කියා සිටියේ දිස්ත්‍රික්කයේ ප්‍රධාන රෝහල් සහ අනෙකුත් ප්‍රාදේශීය වශයෙන් ඇති රෝහල් වල කාර්ය මණ්ඩල සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් ,මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුලු අනෙකුත් පිරිසද දැනුවත් කර ඇති බවත් අඛණ්ඩව සේවා කටයුතු සිදු කරන බවත් මහජනතාවගේ දැනුවත් භාවය ඉහළින් තිබිය යුතු බවත්ය.
විදේශ රටවලින් පැමිණි පුද්ගලයින් ලියාපදිංචිය සිදු කරන බවත් පැවසු අධ්‍යක්ෂවරිය කියාසිටියේ ඇඳිරි නීති කාලය තුළදි රෝහල් කාර්ය මණ්ඩල සදහා ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා ලංකා ගමන ගමන මණ්ඩලයේ සහය ඇතිව විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් සකස් කර ඇති බවද වැඩිදුරටත් පැවසුවාය.

