කොරෝනා ආසාදිතයන් 7ක් වැලිකන්ද රෝහලේ


(නිමල් ජයරත්න)

 කොරෝනා ආසාදිත රෝගීන් 7 දෙනෙකු පොළොන්නරුව වැලිකන්ද මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.
 
ඒ අනුව දැනට ප්‍රතිකාර ලබන මුළු රෝගීන් සංඛ්‍යාව 22 ක් බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
 
වෛද්‍ය සරත් ජයසිංහ මහතා මේ බව පැවසුවේ අද (22) පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
 
එහිදී වෛද්‍යවරයා මෙසේද පැවසීය.
 
    ‘‘පොළොන්නරුවේ නිවෙස් වල මේ වනවිට පුද්ගලයින් 388 ක් ස්වයං නිරෝධායනය වෙනවා.ඒ වගේම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ 371 ක් ඉන්නවා.පොළොන්නරුවේ රෝහල් වල 22 ක් ප්‍රතිකාර ලබනවා.ඉන් සැකකටයුතු රෝගීන් 16 ක් ඉන්නවා.
 
වැලිකන්ද මූලික රෝහලේ කොරෝනා රෝගීන් 7 ට අමතරව සිටින 17 දෙනාට කොරෝනා නෑ කියලා අද වාර්තා වුණා.නිවෙස් වල ස්වයං නිරෝධායනය වන පුද්ගලයින් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අධීක්ෂණය කරනවා.‘‘යැයිද කී්‍ය.