කොරෝනා ආසාදිත ශ්‍රී ලාංකිකයින්ගේ ගණන 28 දක්වා ඉහළට


කොරෝනා වයිරසය ආසාදිත තවත් ශ්‍රී ලාංකික  පුද්ගලයින් හය දෙනෙකු පිළිබඳව තහවුරු කරගෙන ඇතැයි  සෞඛ්‍ය සේවා  අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියයි.

ආසාදිතයින් සියලුම දෙනා පිරිමි පුද්ගලයින් වන බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

රෝගය ආසාදනය වූ එක් අයෙකු පොලොන්නරුව රෝහලේ ප්‍රතිකාර ලබන බවත් හතර දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයින් බවත් අනෙක් පුද්ගලයා කේරළයේ  සිට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු බවත් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කීය.

මේ වන  විට ශ්‍රී ලංකාවෙන් සොයාගත් කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 28 කි.