( ටෝනි කරුණානායක )
මිනුවන්ගොඩ , යකහටුව ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හලේ සේවය කරමින් සිටියදි කොවිඩ් 19 ආසාදිතයින්ගේ නව පොකුරට එක් වු රෝගීන් 51දෙනෙකු මිනුවන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .
මිනුවන්ගොඩ පොලිස් වසමේ හොරම්පැල්ල , හුරිගහමුල , වඩුමුල්ල, මෑඩැමුල්ල ,දෙවලපොල , වන්කැපුමුල්ල,සහ වටිනාපහ පාර දෙවලපොල යන ප්‍රදේශවල පදිංචි කරුවන් 07 දෙනෙකු ද, පුත්තලම , කරුවලගස්වැව ,දෙහිඅත්තකණ්ඩිය , පුල්කුඩුතුරෙයි ,යාපනය (09) දෙනකු ද , පේසාලේ , මන්නාරම් , හැටන්,ආගරපතන , මාතලේ -මාරක -මැදවත්ත(02)යි , පරන්තන්-මුල්ලේරිවත්ත ,නුවරඑළිය (02) ,වේයන්ගොඩ -කුරිකොටුව සහ නයිවලවත්ත , කුලියාපිටිය-හොරොම්බාව , ගම්පහ -උඩුගම්පොල සහ පෙතියාගොඩ , සෙවනපිටිය , කෑගල්ල , කටුපොත , මාතර ,උඩුබද්දාව, හුණුමුල්ල , යන ප්‍රදේශවල පදිංචි කරුවන් 51 දෙනෙකු මෙසේ ප්‍රතිකාර ලබයි .