IMG-LOGO

විෂ දුම සොයන්න පොලිසියේ තෙවන ඇස RMVය ගනී

(යොහාන් භාසුර)

වාහන විෂ දුම නිසා දිනෙන් දින ඉහළ යන සෞඛ්‍ය, පාරිසරික සහ දේශගුණික ගැටලු කළමනාකරණය ක්‍රමෝපාය යටතේ අධික විෂ දුම පිට කරන වාහන හදුනාගැනීම සඳහා පොලිස් සීසීටීවී කැමරා පද්ධතිය යොදා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා සැළසුම් කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ, කොමසාරිස් තොරතුරු තාක්ෂණ, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂක හා පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් අතර සාකච්ඡාවක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල රටට ඇති විශාල සම්පතක් වන බවත් වාහන විෂදුම කළමනාකරණය කිරීම හා ඒ සම්බන්ධ කාර්යයන් උදෙසා පොලිස් දෙපාර්තමේන්තුව සතු සීසීටීවී දත්ත ගැනීමට අමතරව මෙම සීසීටීවී කැමරා පද්ධතිය නවීකරණය හා තවත් පුළුල් කිරීමට අවශ්‍ය පූර්ණ සහය වාහන වායු විමෝචන භාරකාර අරමුදල හරහා දීමට ඉදිරියේදී කටයුතු සැළසුම් කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පැවසීය.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට පිවිසීමේ අවසරය පොලිස් දෙපාර්තමේන්තුව වෙත මීට ඉහත ලබා දී තිබූ අතර එය දත්ත පද්ධතිය නිරීක්ෂණය කිරීමට පමණක් සීමා වූ බවත් රියදුරන් කරන මාර්ග නීති කඩ කිරීම් සම්බන්ධව දඩ කොළ නිකුත් කිරීම වැනි කාර්යයන් තවදුරටත් විධිමත් කරනු පිණිස මෙම දත්ත පද්ධතිය හරහා අවශ්‍ය කටයුතු කිරීමේ බලය ද පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි පොලිස් දෙපාර්තමේන්තුව වෙත සැපයීමට සාකච්ඡා කළ බවත් ඒ මහතා කීය.

 



අදහස් (0)

විෂ දුම සොයන්න පොලිසියේ තෙවන ඇස RMVය ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 102 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site