(අංජුල මහික වීරරත්න)
රටේ ජනතාවට ජනතාවට අහිමි වී ගිය සංස්කෘතික ජීවිතය නැවත සමීප කරවීම වෙනුවෙන් එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් සිදු කරන මෙහෙය ඇගයීමට ලක් කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පස්වරුවේ පැවැති හමුවකදී ජනාධිපතිවරයා මේ බව කීය.
ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන ජනතාව ආර්ථික වශයෙන් ගොඩ නැංවීමට රජය ගෙන යන වැඩපිළිවෙළට අමතරව ඔවුන්ගේ කටුක ජීවන රටාවට අස්වැසිල්ලක් වෙමින් සංස්කෘතික ජීවිතයක් ලබා දීමේ වැදගත්කම පැහැදිලි කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංස්කෘතික ක්‍රියාකාරකම් තුළින් විනයගරුක පුරවැසියෙක් රට තුළ ගොඩනැගිය හැකි බවත්, එහිදී ප්‍රාසාංගික ක්ෂේත්‍රයේ කලාකරුවන්ට දැඩි වෘත්තිමය සහ සමාජ වගකීමක් පවතින බවත් අවධාරණය කළේය.
එමෙන්ම උතුර දකුණ යා කළ හැකි සංස්කෘතික පාලම ගොඩ නැගිය හැක්කේ කලාකරුවන්ට බව පැවසු ජනාධිපතිවරයා සමස්ත රට පුරා සංස්කෘතික ප්‍රබෝධයක් ඇති කිරීමේ සැබෑ වුවමනාව වත්මන් රජයට තිබෙන බවත්, ඒ සඳහා ලබාදිය හැකි අනුග්‍රහයන් ලබා දෙන බවටත් පොරොන්දු විය.
ශ්‍රී ලංකා ප්‍රසංග හා සැණකෙලි සංවිධායකවරු හා සම්බන්ධීකාරකවරුන්ගේ ඒකාබද්ධ සංසදය, සංගීත කණ්ඩායම් සංසදය, ගායක ගායිකා සංසදය, නිවේදක සංසදය, නර්තන කණ්ඩායම් සංසදය, ශබ්ද පරිපාලකවරුන්ගේ එකමුතුව ඇතුළු එළිමහන් ප්‍රසංග පවත්වන කලාකරුවන් රැසක් මීට එක්ව සිටී අතර ක්ෂේත්‍රය තුළ කටයුතු කරගෙන යාමේදී ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කෙරිණි.
එම ගැටලුවලට එම අවස්ථාවේදීම ප්‍රමාණවත් විසදුම් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ අතර එය සහභාගී වූ පිරිසගේ පැසසුමට ලක් විය. එසේම එම ක්‍රියාමාර්ගවල ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ජනපති ප්‍රසංග කලාකරුවන් හමුවෙයි