ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සිය හෝටල් රෝහල් කරයි


නව කොරෝනා වයිරසය ලෝකයට මෙන්ම ලොව ක්‍රීඩා ක්ෂේත්‍රයටත් දැඩි බලපෑම් එල්ල කරද්දී ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වෛරසය ආසාදිතවූවන් වෙනුවෙන් තැබූ පියවරක් පිළිබඳ බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත අද වාර්තා කළේය. 
 

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට අයත් පෘතුගාලයේ අධි සුඛෝපභොගී හෝටල් ජාලයක් වන පෙස්ටානා සී.ආර්.7 හෝටල් ජාලය කොවිඩ් 19 වයිරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා තාවකාලික රෝහලක් ලෙස පරිවර්තනය කර ඇත.

එමෙන්ම එහි සේවයට යොදා ගැනෙන වෛද්‍ය කණ්ඩායම් සඳහා සියලු ගෙවීම් තම පෞද්ගලික ධනයෙන් සිදු කිරීමටත් ඔහු අදහස් කර ඇති බව බ්‍රිතාන්‍ය ගාඩියන් පුවත්පත වාර්තා කරයි. පෘතුගාලයෙන් මේ වන විට කොවිඩ් 19 ආසාදිතයන් 169 දෙනෙක් හඳුනාගෙන ඇති අතර කිසිදු මරණයක් මෙතෙක් වාර්තා වී නැත.

 
(125)