විනීතා එම් ගමගේ
කොළඹ නගරයේ වසා දමා ඇති කම්හල් හා සේවා ස්ථාන පවතින තත්ත්වය සමහන් වූ පසු යලි විවෘත කිරීමේදී සියලු සේවකයන් කොරෝනා වයිරසය ශරීර ගතවී ඇත්දැයි සෙවීමේ පීසීආර් පරික්ෂණයට යොමු කළ යුුතු බවට කොළඹ දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව තීරණය කර තිබේ.
සේවකයන් යලි සේවයට වාර්තා කිරීමේ දි මෙම පරික්ෂණය සිදු කිරීමෙන් පසු ඔවුන්ට රාජකාරියට වාර්තා කිරීමට අවස්ථාව දිය යුතුබවට ද එම කමිටුව තීරණය කර ඇත.
කොළඹ දිස්ත්‍රික්කයේ කම්හල් විශාල පුමාණයක් ඇති බවත් ඒවායේ සේවයේ නිරත පිරිස් විවිධ පුදේශවලින් පැමිණෙන බවත් එම වයිරසය ශරීර ගතවූවකු ගෙන් යලි බොහෝ පිරිසක් රෝගීන් වීමේ අවදානමක් ඇති බවත් එම කමිටුව පෙන්වා දී තිබේ.

