නව කොරෝනා වයිරසය හේතුවෙන් මරණ දෙකක් වාර්තා වන්නේ යැයි එක්සත් අරාබි එමීර් රාජ්‍යය අද (21) පළමු වරට නිවේදනය කළේය.
මියගිය පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු යුරෝපයේ සිට පැමිණි අයකු බවත් හෙතෙම 78 හැවිරිදි අරාබි ජාතිකයකු බවත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මරණයට හේතුවී ඇත්තේ හෘදයාබාධයක් බවත් කොරෝනා වයිරසය නිසා ඇති වූ සංකූලතා ඊට හේතුවී ඇති බවත් සෞඛ්‍ය සහ රෝග නිවාරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
දෙවැනි පුද්ගලයා 58 හැවිරිදි ආසියානු ජාතිකයකු බවත් හෙතෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නේවාසිකයකු බවත් එම අමාත්‍යාංශය සඳහන් කළේය. ඔහුද වෙනත් රෝගාබාධවලින් පීඩා විඳිමින් සිටි අයකු බවත් කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමඟ ඔහු තවත් දුර්වල වීමත් සමඟ මරණයට පත්වූ බවත් එම අමාත්‍යාංශය තවදුරටත් සඳහන් කළේය.
අද වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 140 දක්වා ඉහළ ගොස් ඇත.
රොයිටර්
055

