ජනතා ඇඳිරි නීතියක් හෙවත් ස්වයංව ඇඳිරි නීතිය ආරක්ෂා කරන්නැයි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ජනතාවගෙන් කළ ඉල්ලීම අනුව අද පෙරවරු 7.00 සිට රාත්‍රී 9.00 දක්වා එය ක්‍රියාවට නැංවේ.
ඒ අනුව අද පැය 14 ක කාලයක් ඉන්දියාවේ බිලියනකට අධික ජනතාව මීට එක්වනු ඇත.
කොරෝනා වයිරසයට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සතු හැකියාව පරික්ෂා කිරීම සඳහා මෙය අවස්ථාවක් කර ගන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
මෙම ඇඳිරි නීතිය අනුව රට පුරා ප්‍රවාහන සේවා ඇනහිට ඇත.
දිල්ලි නුවර අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ අලෙවිසැල් හැර අනෙකුත් වෙළෙඳ සැල් වසා තිබේ.
සියලු ආගමික ස්ථානවල කටයුතු ද මෙම තත්ත්වය තුළ අවලංගු කර ඇත.
අද පස්වරු 5.00 ට නිවෙස්වල උඩුමහල්වල සිට හෝ ජනෙල් අසලට පැමිණ සීනු නාද කිරීමෙන් හෝ අත්පුඩි ගැසීමෙන් වෛද්‍ය වෘත්තිකයින්ට සහ සනීපාරක්ෂක සේවාවල නිරත සේවකයින් අගය කිරීමට එක්වන්නැයි ද අගමැති මෝදි මහතා ඉන්දීය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
-226-
(බීබීසී ඇසුරෙනි)

