ඉන්දියාවේ කොරෝනා මරණ 6 දක්වා ඉහළට


කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ අද වනවිට පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්තා වේ.

බිහාර් හි පදිංචිකරුවකු වන 38 හැවිරිදි පුද්ගලයකු මිය යාමත් සමඟ මෙම සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. ඔහු කටාර් සිට මෑතකදී ඉන්දියාවට පැමිණ සිටි බව පැවසේ.

ඊයේ මුම්බායිහි පිහිටි පෞද්ගලික රෝහලකදී 63 හැවිරිදි මහලු මිනිසෙක් මියගියේය. ඔහු මහා රාෂ්ට ප්‍රාන්තයේ පදිංචිකරුවෙකි. එම ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් ඇති අතර, මුම්බායිහි තවත් 6දෙනෙකු හඳුනාගෙන ඇත.

මෙය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වූ දෙවන කෝවිඩ් මරණයයි. දිල්ලි, පන්ජාබ් සහ රාජස්ථාන් යන ප්‍රාන්තවලින් එක් මරණය බැගින් වාර්තා වී තිබිණි. අද උදෑසන 38 හැවිරිදි පුද්ගලයා මියයාමත් සමඟ ඉන්දියාවේ නැගෙනහිර ප්‍රාන්තයකින් වාර්තා වූ පළමුවන කෝවිඩ් මරණය මෙය බව සඳහන් කෙරිණි.
 
කෙසේවෙතත්, මේවනවිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් 332ක් සිටින බවට වෛද්‍ය පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇතැයි බලධාරීහු පවසති.
 
ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි මහතා ඇඳිරි නීතිය පැනවීමත් සමග මේ වනවිට මිලියන ගණනක ජනයා නිවාසවලට වී සිටිති.
 
(හින්දුස්ථාන් ටයිම්ස්)
16844